FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 කට නොතීසි නිකුත්කරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන ඇතුලු 9 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නොතීසි නිකුත්කර තිබේ.

වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට අද(23) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් හේතුවෙන් ඇතිවිය හැකි මහජන පීඩාව පිළිබඳ බොරැල්ල පොලිසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

නඩුව අද(23) සවස 4 ට විභාගයට ගැනීමට නියමිතයි.