FAST NEWS

24×7 Around the Globe

උඩුවේ ධම්මාලෝක හිමිට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වෙයි..

අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වරෙන්තු ආපසු කැඳවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය උන්වහන්සේට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළාය.

හිටපු ඇමති මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පැමිණිලි කර තිබිණි.

ඉකුත් නඩු දිනයේ දි අධිකරණයට නොදන්නවා විදේශ ගතව සිටි උඩුවේ හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩු විභාගය අප්‍රේල් 5ට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.