FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධීව සෞදියේ සිටින විදේශිකයන්ට පොදු සමා කාලයක්…

සෞදි අරාබිය එරට නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ‍්‍රමිකයන් සඳහා පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර මෙම පොදු සමා කාලය 2017 මාර්තු 29 දින සිට මාස 03ක කාලයක් (දින 90ක්) කි‍්‍රයාත්මකය.

සෞදි අරාබි රාජ්‍යය තුළ නේවාසික වීසා නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණි එරටේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා එලෙස රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහා මෙම පොදු සමා කාලය කි‍්‍රයාත්මක වේ.

එසේම සෞදි අරාබියේ නීති විරෝධීව රැඳී  සිටින සියළුම ශ‍්‍රී ලාංකිකයින් මෙම පොදු සමා කාලය ඇතුළත හැකි ඉක්මණින් රියාද් හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩා හි පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස් කර ගනිමින් නැවත මව් රටට පැමිණෙන ලෙස ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටියි.