FAST NEWS

24×7 Around the Globe

අැමති මහින්ද අමෙරිකාව බලා පිටත්ව යයි…

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

බෙංගාලබොක්ක අවට සාගර කටයුතු පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

බෙංගාලබොක්ක අවට සාගර කලාපය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා පසුගිය වසර 5ක කාලය තුළ  අමෙරිකාවේ නොට්රිධඩෙම් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ නාරා ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබු බව සඳහන්ය.

2017 වසරේ සිට ඉදිරි වසර 5ක කාලය තුළ ඒ ආශ්‍රිතව බහු වාර්ෂික වැඩසටහනක් ක්‍රියාත්ම කිරීමට තීරණය කර ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව බෙංගාලබොක්කේ විශාලත්වය අධ්‍යයනය කිරීම, මෝසම් වර්ෂාවෙන් එල්ල වන බලපෑම්, සමකාසන්න ඉන්දීය සාගරය සහ ශ්‍රී ලංකාවට අයත් අවම ජල තීරය හා සම්බන්ධ වන අවබෝධතා ගිවිසුමකට මහින්ද අමරවීර අමාත්‍යවරයා අත්සන් තැබීමට නියමිතය.