FAST NEWS

24×7 Around the Globe

කළුතර බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධ ‘බන්ටි’ රක්ෂිත බන්ධනාගාරයට…

කළුතර බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් හෙවත් ‘බන්ටි’ නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටි සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 21 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය පෙබරවාරි මස 27 වනදා කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් පාතාල කල්ලි සාමාජික “සමයං“  ඇතුළු රැඳවියන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.