FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් වීරවංශගේ උපවාසය දෙවන දිනටත් ක්‍රියාත්මකයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරම්භ කළ උපවාසය අද(23) දෙවන දිනටත් ක්‍රියාත්මකය.

ඇප ලබානොදීමට එරෙහිව උපවාසය ආරම්භ කළ මන්ත්‍රීවරයා ඊයේ(22) උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාරයද ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත පසුගිය ජනවාරි මස 10 වැනිදා අත්අඩංගුවට ගත් විමල් වීරවංශ ලබන මස  03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.