FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී -පුටින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා අද පැවැත්වෙයි…

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා අද(23)  දහවල් මොස්කවු නගරයේ ක්‍රෙමිරින් මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරටේ නායකයින් අතර නිල හමුවෙන් අනතුරුව ආර්ථික, වෙළෙඳ, දේශපාලනික හා සංස්කෘතික සබඳතා ශක්තිමක් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඊයේ (22)පස්වරුවේ මොස්කව් නගරයට ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මෙම සංචාරයේ නිරත වන අතර වසර 43කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.