FAST NEWS

24×7 Around the Globe

සුනඛයින් අයාලේ ගියොත් වසර 02 ක සිර දඩුවම් දීමට කැබිනට් අනුමැතිය..

1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, මෙම ප්‍රශ්නය සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව එම ආඥාපනත තුළ නැති බව සඳහන්ය.

ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය තුළ අනුමත වී තිබේ.

(ADS)