FAST NEWS

24×7 Around the Globe

බස් ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් අද සිට වැටලිම්..

බස්නාහිර පළාතේ ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේදැයි සොයා බැලීමට අද (22) සිට විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවන බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එ අනුව මේ වන විට පළාතේ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර ඇති නමුත් ඇතැම් බස් රථවල එම නීතිය ක්‍රියාත්මක නොකරන බවට පැමිණිලි ලැබී ඇති බව ද හෙතෙම පැවසීය.

මෙසේ නීති කඩ කරන කොන්දොස්තරවරුන්ගේ බලපත්‍රය අත්හිටුවන බවද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

( ADS)