FAST NEWS

24×7 Around the Globe

විදුලි බල අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු..

හිටපු ඇමැති සරණ ගුණවර්ධන ගේ නඩුවකට අදාළව එහි පළමු සාක්ෂිකරු ලෙස නම් කර තිබෙන, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා අද (22) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

බටගොඩ මහතා වෙනුවෙන් නියෝජීතයෙකු අද අධිකරණයේ පෙනි සිටි අතර මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ මෙම නියෝගය සාක්ෂිකරුට පෞද්ගලිකව යොමුකර ඇති බැවින් ඔහු වෙනුවෙන් නියෝජිතයෙකුට පෙනී සිටීමට නොහැකි බවයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් වර්ෂ දෙකකට අදාළ සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකෙළේ යැයි සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමීසම මෙම නඩුව පවරා ඇත.

අදාළ නඩුව ලබන ජූලි 6 වැනිදා යළි කැඳවීමට අධිකරණයෙන් නියෝග කෙරුණී.

(ADS)