FAST NEWS

24×7 Around the Globe

සංමයං ඝාතන සිද්ධියට තලංගම බන්ටි අත්අඩංගුවට ගැනේ..

කළුතර බන්ධනාගාර ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ඊයේ (21) පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේ පදිංචි බන්ටි හෙවත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් නැමැත්තෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවා වාර්තා වේ.

ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවද සඳහන්.

පසුගිය පෙබරවාරි මස 27 වනදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් සමයං හෙවත් අරුණ උදය ශාන්ත ඇතුළු රැඳවියන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

(ADS)