FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කැබිනට් අනු කමීටුවක් පත් කෙරේ..

හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවැරීම සම්බන්ධව නෛතික පසුබිම සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවැරීම පිළිබඳ රජයේ ගිවිසුම් පත්‍රය ඊයේ (21) පෙරවරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතිය මත මෙම අනුකමිටුව පත්කර ඇත.

වරාය අධිකාරියේ හා වරාය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම කරුණු සලකා බලා ජාතික වශයෙන් රටට වැදගත් වන හා රටේ දේපළ ආරක්ෂා වන ආකාරයට මේ පිළිබඳව තින්දුවක් ගැනීමට අදාළ අනු කමිටුවට පවරා තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත,පාඨලී චම්පික රණවක,සරත් අමුණුගම ,අර්ජුන රණතුංග යන  ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් වූ බවද වාර්තාවේ.

(ADS)