FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය සඳහා නව ආසන සංවිධායකවරු 03 ක් පත් වෙති..

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන බළමණ්ඩල 03 ක් සඳහා නව නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ.

එ අනුව බලපිටිය ආසනය සඳහා දයාරත්න ද සිල්වා, අක්මීමන ආසනය සඳහා යූ.ජී.ඩී. ආරියතිලක සහ රත්ගම ආසනය සඳහා අමරසිරි කුරුවගේ යන නව සංවිධායකවරු පත්කරනු ලැබ සිටිති.

මීන් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක ලෙස සජින් වාස් ගුණවර්ධන ද අක්මීමන ආසනයට වෛද්‍ය රමේෂ් පතිරණ ද රත්ගම ආසන සංවිධායක ලෙස මොහාන් පී ද සිල්වා කටයුතු කළ අතර ඔවුන් ඉවත් කර නව සංවිධායකවරුන්  මෙලෙස පත්විම් ලබා තිබේ.

(ADS)