FAST NEWS

24×7 Around the Globe

දකුණු සුඩානයේ ගුවන් අනතුරක් – මගීහු 44ක දීවි රැකෙති..

දකුණු සුඩානයේ “වූ” (Wau) ප්‍රදේශයේ ගුවන් තොටුපලක ඊයේ (20) සවස ගුවන් යානාවක් ගොඩබැස්විමේදී ගුවන් පථයේ ගැටීම නිසා යානය ගිනිගෙන අනතුරක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් ගුවන්තොටුපල නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් යානය පිපිරී යාමට පෙර එහි සිටි මගීන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා බේරාගැනීමට සමත්ව ඇති බවද සඳහන්.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 44ක් ගුවන් යානයේහි ගමන් කර ඇති අතර ඔවුනට සුළු තුවාල හැරුණුකොට ජිවිත හානි කිසිවක් සිදු නොවු බව එම යානය අයත් “South Supreme Airlines” ගුවන් සමාගමේ කළමනාකරු මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර  තිබේ.

(ADS)