FAST NEWS

24×7 Around the Globe

වරාය සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසසෙති..

හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අද (21දා) ආමත්‍ය මණ්ඩලය වෙත  ඉදිරිපත් කළහොත් වරාය තුළ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකර එය පරාජයට පත්කරන බව වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණේ සම්බන්ධීකාරක චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

හම්බන්තොට වරාය Cm port නම් සමාගමකට පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය 14 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවද එ මහතා පැවසීය.

එහෙත් අමාත්‍යවරයෙකුට එම ගිවිසුම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම නිසා එදින මෙම ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව අදාළ කැබිනට් පත්‍රිකාව අද (21දා) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමීත ව ඇති බව වාර්තා වන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(ADS)