FAST NEWS

24×7 Around the Globe

පාඩු ලැබු සතොස දැන් ලාභ ලබනවා – ඇමති රිෂාඩ්

අගමැති රනිල්  වික්‍රමසිංහ මහතා සතොස ආයතනය තමන් වෙත භාර කරන විට එය පාඩු ලබන ආයතනයක් බවත්, මේ වන විට එය ලාභ ලබන ආයතනයක් පවට පත්ව ඇති බවද  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.

පළාත් සමූපකාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (20)  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති පළාත් සමූපකාර අමාත්‍ය සමුළුවට සහභාගී වෙමීන් මෙ බව අවාධාරණය කර සිටියේය.

සතොස ආයතනය අලාභ ලැබීමට හේතු කවරේදැයි සම්බන්ධයෙන්  තමන් අධ්‍යනය කළ බවත් එහිදී ඊට බලපෑ ප්‍රධානතම හේතු කිහිපයක් හදුනා ගත් බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

එ අනුව

– සතොස ශාඛා පරිගණකජාලගත නොකිරීම.
– ස්ථිර ගබඩා පහසුකම් නොමැතිවීම.
– වැඩි අලෙවිය සහ අඩු අලෙවිය සහිත භාණ්ඩ සම්බන්ධයෙන් ආදාළ     නිළධාරීන් දැනුවත් නොවීම.
– ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති විම.
– දීර්ඝ කාල පරිච්ඡේදයක් විගණන කටයුතු නොකිරීම.
– සතොස වෙළදසැල් CCTV මගින් නිරික්ෂණ නොකිරීම.

යන හේතු හදුනාගෙන පියවරෙන් පියවර අදාළ ගැටළු විසදීමට සිය මැදිහත් වීමෙන් කටයුතු කළ බවද එමගින් සතොස ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

එසේම අත්‍යවශය භාණ්ඩ 25 ක් සඳහා පාලන මීල ගණන් පනවා පාරිභෝගිකයා වෙත සතොස සහන සලසා ඇති බවද හෙතෙම පැවසීය.

දෙසැම්බර් 2017 අවසන් වීමට පෙර දිවයින පුරා සතොස ශාඛා 500 ක් දක්වා ඉහළ දැමීම සිය ඉලක්කය බවත් එ යටතේ මේ මස 28 වන දින දිවයින පුරා නව සතොස ශාඛා 50 ක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)