FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී 23 වැනිදා රුසියානු ජනපති හමුවෙයි..

එළැඹෙන 22  වැනිදා ආරම්භ වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෙදින රුසියානු නිළ සංචාරයට සමගාමීව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව එළැඹෙන 23 දා පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් ජනපතිවරයාගේ රුසියානු සංචාරය සිදුවන්නේ රුසියානු ජනපතිවරයාගේ ආරාධනයෙනි.

ජනපතිවරයාගේ රුසියානු සංචාරය අතර තුළදී දෙරටේ ආයෝජන කටයුතු හා වෙළඳ සබඳතා තර කර ගැනීමට අදාළව ධීවර, සංචාරක, සංස්කෘතික හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් අතර ද්විපාර්ශ්විය ගිවිසුම් කිහිපයක්ද අත්සන් කිරීමට නියමිතය.

(ADS)