FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර ජාතික පාසල් ගුරුවන්ට අත්තිකාරම් නෑ..

බස්නාහිර පළාතේ ජාතික පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එළඹෙන සිංහල හා දමීල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල් අහිමි කර ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

මේ මාසයේ වැටුප සමග රුපියල් දසදහසක උත්සව අත්තිකාරම් මුදල් ලබාදිය යුතු බවද ,එහෙත් බස්නාහිර පළාතේ පිහිටි ජාතික පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන කිසිවෙකුටත් මෙම මුදල ලබා දී නොමැති බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.

(ADS)