FAST NEWS

24×7 Around the Globe

උඩුවේ හිමියන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (20) වරෙන්තු නිකුත් කළේය.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය  මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් උන්වන්සේට මෙසේ වරෙන්තු නිකුත් කළේ පෙර පොරොන්දු වු පරිදි අද (20) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙනි.

එසේම උන්වහන්සේ අධිකරණ අවසරයකින් තොරව මේ වන විට විදෙස් ගතවී ඇති බවට වාර්තා වෙයි.

(ADS)