FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු නිසා වැසුණු පාසල් යළි ඇරේ…

ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ත්‍රීකුණාමලය කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66ක් අද (20) යළි විවෘත කළේය.

ඒ අනුව වසා දැමුණු සියලු පාසල් අද(20) දිනයේ යළි ආරම්භ කෙරෙන බව කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.

කින්නියාහි සීඝ්‍ර ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් පාසල් ළමුන් තිදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගොස ඇති අතර තවත් පාසල් ළමුන් කිහිප දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

(ADS)