FAST NEWS

24×7 Around the Globe

කැබිනට් පත්‍රිකාව හෙට අත්සන් කරනවා…

තනි දුම්වැටිය බැඟින් අලෙවි කිරීම වළක්වාලීමේ නීති රීති ඇතුළත් කැබිනට් පත්‍රිකාවට තමන් හෙට(20) දිනයේ අත්සන් තබන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

වත්මන් රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට මෙරට දුම්පානය සියයට 47කින් පමණ අඩු වී ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය  සායනයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.