FAST NEWS

24×7 Around the Globe

ගල්අඟුරු මිලදී ගැනීම මා සම්බන්ධ නෑ – ඇමති මලික්..

ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධව කිසිදු ආකාරයේ සාකච්ඡාවකට තමා සහභාගි වී නැතැයි ද, ඒකාබද්ධ විපක්‍ෂය නඟන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලීමක්‌ කර ඇතැයි ද සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මලික්‌ .සමරවික්‍රම මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඒකාබද්ධ විපක්‌ෂය විසින් ගල් අඟුරු මිලදී ගැනීමට අදාලව අරමුදල් අවභාවිතා වී ඇති බවට මා ද නම් කරමින් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත චෝදනා ඉදිරිපත් කර ඇති බවට පුවත් පත් කිහිපයක වාර්තා පල වී ඇත.මෙම ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධව කිසිදු ආකාරයේ සාකච්ඡා හෝ රැස්‌වීමක්‌ සඳහා පාර්ශවයක්‌ වශයෙන් මාගේ සහභාගීත්වයක්‌ නොමැති බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.එසේම, නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මාගේ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන බවද වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.

(ADS)