FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂ උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද..

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමු වැන්න අද (18 වැනිදා) රත්නපුරදී පැවැත්වෙයි.

මෙහි දෙවැන්න මාතරදි පැවැත්වීමට තීරණය කර ඇති අතර ,පළාත් පාලන මැතිවරණය කල් දමා මේ මස 19 වැනිදාට වසර 2 ක්‌ ගත වන බවත් එයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක්‌ සංවිධානය කරන බව ඒකාබද්ධ විපක්‍ෂය කියයි.

මෙම උද්ඝෝෂණය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ හිටපු පළාත් පාලන නියෝජිතයෝ සහභාගී වෙති.

එසේම මෙම උද්ඝෝෂණ මාලාව දිස්‌ත්‍රික්‌ හා පළාත් මට්‌ටමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර, අවසන් උද්ඝෝෂණ මැයි මාසයේදී පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

(ADS)