FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ”පෙරළියක පෙරමග” 25 වැනිදා මහින්ද සමග ඇරඹෙියි..

“පෙරළියක පෙරමග”තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන පළමු රැස්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හබරාදූව නගරයේදී ලබන 25 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කමිටුව විසින් මෙම රැස්වීම සංවිධානය කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(ADS)