2015 පෙබරවාරි 23 අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපති ලෙස දා පත්වූවාට පසුව දින කීපයක් ඇතුළත දෙපාර්තමේන්තු ප්‍රධානීන් 14 ක් මාරුකළ බවත් තවත් මාරුවීම් 20 ක් සිදුවූ බවත් එම වර්ෂය තුළ සිදුවූ මාරුවීම් සංඛ්‍යාව 501 ක් බව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් හා සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා ඊයේ (16 දා) භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
මෙම මහා පරිමාණයෙන් සිදු කළ අභ්‍යන්තර මාරුවීම් නිසා මුළු මහබැංකුවම හෙල්ලුම් කෑ බවත් හෙතෙම අවධාරණය කළේය.
එසේ මාරුවීම ලැබුණු අය අතර මහ බැංකුවේ ප්‍රධාන දෙපාර්තමේන්තු 04 ක ප්‍රධානීන් වූ බවත් වග විභාගයකින් තොරව සිදුකළ එම ක්‍රියාවට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බලවත් නොසතුට හා කණස්සල්ල පළ කළ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කණ්ඩායම් දෙකක් මහ බැංකුවේ අධිපති හමුවේ කරුණු පැහැදිලි කර දුන් බවත් කරුණාරත්න මහතා කීය.
මීට පෙර මාරුවීම් කළේ නියෝජ්‍ය අධිපතිවරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අදහස් විමසීමෙන් බව මහ බැංකු අධිපතිවරයා හමුවීමට ඔහුගේ නිල නිවහනට ගොස් තමා ඇතුළු නිලධාරීන් තිදෙනකු විසින් පෙන්වා දුන් විට ඉදිරියේදී එසේ කරන බවට ඔහු පොරොන්දු වූ නමුත් ඒ ආකාරයට කටයුතු සිදු නොවූ බව ද මූල්‍ය මණ්ඩලයේ ලේකම්වරයා පැවසීය.
මහ බැංකුවේ අධිපතිවරුන් වූ සුනිල් මැන්ඩිස්, අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන මහේන්ද්‍රන් සහ තිදෙනා යටතේම තමා සේවය කර ඇති බවත් මහෙන්ද්‍රන් මහතාගේ කාලයේ මෙන් මහා පරිමාණයෙන් අභ්‍යන්තර මාරු කිරීම් අනිත් දෙදෙනා යටතේ සිදුවුවේ නැති බවත් ඒ මහතා පැවසීය.
වර්ෂයක සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් 5 කට, 6 කට වැඩි පිරිසක් හෝ සාමාන්‍ය කාර්ය මණ්ඩලය 195 කට වඩා මාරුකර නැති බවත් පැවසූ කරුණාරත්න මහතා අභ්‍යන්තර මාරුවීම් සිදුකළ යුත්තේ සාධාරණ ක්‍රමයකට දෙපාර්තමේන්තුවල වැඩ අවුල් නොවන ආකාරයට බවත් සිදුකළ මාරුකිරීම් වැඩිහරියකින් මහා බැංකුවට සෙතක් නොවූ බවත් කීය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.