FAST NEWS

24×7 Around the Globe

කොල්ලකරුවන් පැහැරගත් ශ්‍රී ලාංකිකයෝ නිදහස් කෙරෙති..

සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික කපිතාන් ඇතුළු අටදෙනා ඊයේ(16) නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මොවුන් මේවන විට අදාළ මුහුදු සීමාවෙන් පිටතට ගමන් කරමින් සිටින බව එම ශ්‍රී ලාංකික පිරිසකගෙන් අයෙකු  තහවුරු කර ඇත.

පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නැව මුදාහැරීම සඳහා මෙම කොල්ලකරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා තිබුණද, ශ්‍රී ලාංකික පිරිස මුදාහැරීම සඳහා කප්පම් මුදලක් හෝ කිසිදු අයකර ගැනීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

(ADS)