FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නැවියන් වෙනුවෙන් කප්පම් ගෙවිමට සුදානම්..

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවා ඔවුන් බේරාගන්නා බව නැව් හිමියා ප්‍රකාශ කර ඇතැයි එම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම නැවේ සිටින ශ්‍රී ලාංකිකයන් 8 දෙනාගෙන් පස් දෙනකු ගිවිසුම්ගතව සිටින බවත් ඉතිරි තිදෙනා එහි ගියේ කෙසේදැයි නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුවද ශ්‍රී ලාංකිකයින් අට දෙනාම බේරාගන්නා බවද හෙතෙම පැවසීය.

(ADS)