FAST NEWS

24×7 Around the Globe

යතුරු පැදි හිස්වැසුම් ගැසට්ටුවට එරෙහිව මානව හිමීකම් යයි..

පෙබරවාරි 23 වැනිදා නිකුත්වූ යතුරු පැදි හිස්වැසුම් පිළිබඳ ගැසට් නිවේදෙනයට එරෙහිව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ජේ.ඒ.එස්.ජයවීර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වෛද්‍ය සිසිර කෝදාගොඩ සහ රථවාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු යන මහත්වරු මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති රශ්මින් මහාමුදලිගේ, උප සභාපති විජය බාලසූරිය හා ලේකම් චිරන්ත අමරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ගොණුකලහ.

(ADS)