FAST NEWS

24×7 Around the Globe

ජෝන්පුල්ලේ තීන්දුව – හිටපු මන්ත්‍රීට වසර 19 ක සිර දඩුවම්..

2008 වර්ෂයේ උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ දී එම එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු කළමනාකරු රාජා ජෝන්පුල්ලේ මහතාගේ දේපළවලට හානි කිරීම හා ඔහුට පහරදි තුවාල කළැයි මිහින්තලේ ප‍්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද සහ නිමල් ගාමිණි ජයසූරිය යන අයට වසර 19 යි මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට උතුරු මැද පලාත් බද මහාධිකරණ  අද (16) නියෝග කළේය.

නඩුවේ පැමිණිලිකාර ජෝන්පුල්ලේ මහතා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකට ලක්ව මිය ගියේය.  

(ADS)