FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රීනී උපෙක්ෂා ස්වර්ණමාලී ගම්පහෙන් ඉල්ලයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, නිළියක වන උපෙක්ෂා ස්වර්ණමාලී එක්සත් ජනනා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම නියමිතය.

ඇයට මෙවර නාමයෝජනා ලබානොදෙන බවට කට කතා පැතිර ගියේය. කෙසේ වෙතත් ඇයට සන්ධානයේ නාම යෝජනා හිමිවිය.

උපෙක්ෂා ස්වර්ණමාලි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පිවිසුණාය.

ඇයට 2010 මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලැබුණි.