මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් දින තුනක සිට ප්‍රශ්න කරමින් සිටින බව ඊයේ (15දා) බැඳුම්කර කොමිසම හමුවේ මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවැසීය.
ඔහුගෙන් ප්‍රශ්න කිරීම හැර ඔහුට හිරිහැරයක් නොකරන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා පැවැසීය.
මින් ඉදිරියට තමා ඇතුළු කනිෂ්ඨ නීතිඥ පිරිසක් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින බවද ද සිල්වා මහතා කොමිසමට දැන්වීය.
පසුගිය සඳුදා සිට කොමිසම හමුවේ සාක්ෂි දුන් සුළු ආර්ථික අංශයේ අධ්යක්ෂ මහ බැංකුවේ මහජන ණය අංශයේ අධිකාරිවරයකුව සිටි ධම්මික නානායක්කාර මහතාගේ සාක්ෂිය ඊයේ (15) අවසන් කෙරුණි.
මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම්ව සිටි මහ බැංකුවේ වත්මන් නියෝජ්‍ය අධිපතිවරයකු වන එච්.ඒ. කරුණාරත්න මහතා කොමිසම හමුවේ අද (16) සාක්ෂි දීමට නියමිතය.
(ADS)








