FAST NEWS

24×7 Around the Globe

අගමැති ගෙනා “ග්‍රාම රාජ්‍ය සංකල්ප” කැබිනට්ටුවේ අනුමත වෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද “ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකා කෙටුම් පත සහ කාර්ය රාමුව” ඇතුලත් පත්‍රිකාව ඊයේ (14) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත වී ඇත.

එ අනුව මෙම “ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකා කෙටුම් පත සහ කාර්ය රාමුව” සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා එය අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවියේ පලකිරීම පිණිස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කර යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබේ.

මහජනතාවට තමා ජීවත් වන ප්‍රදේශයේ සංවර්ධනයට සක්‍රීයව හා අර්ථාන්විතව දායක වීමට ඉඩකඩ සලසන ආයතනික ව්‍යුහයක් ලෙස ක්‍රියාකිරීමත්, සමාජ සාධාරණත්වය පෙරදැරි කරගත් පරිපූර්ණ හා තිරසර සමාජයක් කරා ගමන් කිරීම තහවුරු කිරීමත්, තම ප්‍රදේශය තුල සංවර්ධනය සම්බන්ධයෙන් වන අදහස් හා ප්‍රමුඛතා සාකච්ඡා කර ප්‍රජාවට හා රජයට අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩසලසන වේදිකාවක් බවට පත්වීමත් මෙම ග්‍රාමරාජ්‍ය සංකල්පයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති පත්‍රිකාවේ දැක්වේ.

(ADS)