FAST NEWS

24×7 Around the Globe

නෞකාව නිදහස් කිරීමට කොල්ලකරුවෝ කප්පම් ඉල්ලති..

ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව නිදහස් කිරීම සඳහා ඔවුන් කප්පම් මුදල් ඉල්ලා සිටින බව යුරෝපා සංගයමේ මුහුදු කොල්ලකෑම් වැළැක්වීමේ මෙහෙයුම් ඒකකය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජිබෝල්ටාවේ සිට සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර වෙත ශ්‍රී ලංකා ධඡය සහිතව යාත්‍රා කෙරුණු ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පසුගිය සඳුදා දිනයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වු බව විදෙස් වාර්තා සඳහන් කර සිටියේය.

මෙහි සමස්ත කාර්ය මණ්ඩලය අට දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලාංකියන් බවද පැවසුණී.

(ADS)