FAST NEWS

24×7 Around the Globe

සයිටම් සම්බන්ධයෙන් හෙළ උරුමයෙන් රජයට යෝජනා තුනක්..

මහත් ආන්දොලනයකට තුඩ දී ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වහා ගත යුතු ක්‍රියාමාර්ග තුනක්‌ ජාතික හෙළ උරුමය විසින් ඊයේ (14 දා) රජයට ඉදිරිපත් කළ බව හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අනුරුද්ධ ප්‍රදීප් මහතා ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

1. සයිටම් වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කිරීම

2. දැනට බඳවාගෙන ඇති ශිෂ්‍යයන් අතරින් හැකි උපරිම පිරිසකට වෛද්‍යවරුන් වීම සඳහා අවස්‌ථාවක්‌ සකසා දීමට සුදුසු වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට විශේෂඥ මණ්‌ඩලයක්‌ පත්කිරීම.

3. ඉවත් කරන සිසුන් වෙනුවෙන් වන්දියක්‌ ලබාදීම.

එසේම එම යෝජනා තුනට අමතරව මෙය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක්‌ ලෙස සංශෝධනය කිරීම ද සුදුසු බව හෙතෙම මෙහිදි වැඩිදුරටත් පැවසීය.

(ADS)