FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු හිස ඔසවයි – පාසල් 66ක් දින 03 කට වැසේ..

ඩෙංගු ව්‍යාප්තිය ඉහළයාම හේතුවෙන් ත්‍රීකුණාමලය, කින්නියා අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 66ක් අද (15) සිට දින 3 කට වසාදැමීමට තීරණය කළ බව කින්නියා අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එම් අහමඩ් ලෙබ්බෙ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේවන විට කින්නියා ප්‍රදේශයේ පමණක් ඩෙංගු රෝගය වැළඳීමෙන් පාසල් ළමුන්ද ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තවත් 37 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් කින්නියා මූලික රෝහලෙන් සිට ත්‍රීකුණාමලය මහ රෝහලට මාරුකර යවා ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නැඟෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා සමග පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්  අතර අද (15) දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇති අතර එහිදී ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට හැකිවෙනු ඇති බව සඳහන්ය.

(ADS)