FAST NEWS

24×7 Around the Globe

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය දෙනවා – ඇමති රංජීත්

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අද (15) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවද කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන බව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

විදුලි සේවකයන්ගේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වන විට කමිටුවක් පත් කර ඇති බවත් මාස හයක කාලයක් තුළ එම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

(ADS)