FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා තුනකට නාම යෝජනා සඳහා දින දෙනවා – මහින්ද

නැඟෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේ අවසන් වීමට නියමිතව ඇති බවත්, එ අනුව නිල කාලය අවසන් වූ වහාම එම පළාත් සභා සඳහා නාම යෝජනා භාර ගැනීමට දින නියම කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

එම පළාත් සභා සඳහා ඡන්ද විමසීම 2016 වසරේ අනුමත කරන ලද ඡන්ද හිමි නාම ලේඛනය යටතේ සිදු කිරිමට නියමීත බවද පැවසේ.

(ADS)