FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන් රජයට සති දෙකක් දෙයි..

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව තීන්දුවක්‌ ගැනීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට්‌පත්‍රය නීතිගත කිරීම සඳහා රජයට තවත් සති දෙකක කාලයක්‌ ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (14 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එ අනුව ඉදිරි සති දෙක තුළ අදාළ කටයුත්ත කිරීමට රජය අපොහොසත් වූවොත් සති දෙකක කාලය අවසන් වන දිනයේ සිට රටපුරා අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ සිදුකරන බවද ඊට තවත් වෘත්තීය සමිති එක්‌ වීමට ඉඩ තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා කමිටුවක්‌ පත් කරමින් සයිටම් ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ ගත්තද ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඊට බාධා කරන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(ADS)