FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයෝ අද ලෙඩ වෙති..

වැටුප් විෂමතා නිවැරදි නොකිරීමට එරෙහිව සියලු විදුලි සේවකයන් අද (15) දිනයේ ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට පියවරගෙන ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

එ අනුව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අද දිනයේ සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු නොකරන බවත්  හෙතෙම අවධාරණය කර සිටියේය.

සියලුම විදුලි සේවක සංගම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කර ඇති බවත් ඒ අනුව විදුලි ඉංජිනේරුවන් හැර සේවකයන් 20,000ක් පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවත් ඒ මහතා සඳහන් කළේය.

අද දිනයේ මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.ත

(ADS)