FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොටට රාජපක්ෂවරු තිදෙනෙක්. (ලැයිස්තුව)

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට රාජපක්ෂ පවුලේ තිදෙනෙක් එක්ව සිටිති.

චමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ එම අපෙක්ෂකයෝ වෙති. ඔවුහු පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළහ. හම්බන්තොට පුරපති එරාජ් ප්‍රනාන්දුද මැතිවරණය සඳහා ඉදිරිපත්ව තිබේ.

පළාත් සභා මන්ත්‍රී අජිත් රාපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට තරග කරන අතර ඔහු රාජපක්ෂ පවුලේ කිසිවෙක් නොවෙයි.

හම්බන්තොට සන්ධාන ලැයිස්තුව – 1 චමල් ජයන්ත රාජපක්ෂ, 2 මහින්ද අමරවීර, 3 නාමල් රාජපක්ෂ, 4 නිරූපමා දීපිකා රාජපක්ෂ, 5 වේහැල්ල කංකානම්ගේ ඉන්දික ජමේන්ද්‍ර, 6 දෙනගම විතාරණගේ චානක දිනුෂාන්, 7 අජිත් නිශාන්ත රාජපක්ෂ, 8 හර්ෂ උදයකුමාර ජයවීර, 9 එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු, 10 අලුත් දුරගේ හේමසිරි නිශ්සංක රණදේව