FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියා විදේශ කටයුතු ඇමති දිවයිනට…

දකුණු කොරියා විදේශ කටයුතු අමාත්‍ය යුන් බියුන්ග්සෙ නිළ සංචාරයක් සඳහා හෙට (15)  දිවයිනට පැමිණීම නියමීත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වන වීමේ අරමුණ වී තිබේ.

මෙම සංචාරයේදී දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ද්වි පාර්ශවික සාකච්ඡා කිහිපයක් සඳහා එක්වීමට නියමීත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

(ADS)