FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවල දේශපාලන විකාර එක්ක මේ ආණ්ඩුව වට්ටන්න බෑ…

මාධ්‍යවල පෙන්නුම් කරන දේශපාලන විකාර එක්ක මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් යැයි ඇතැම් අය බලා සිටිය ද මේ ආණ්ඩුව එලෙස වට්ටන්න හැකි ආණ්ඩුවක් නොවන බව, ඌව ජනතාවට ඉඩම් බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබාදීම වෙනුවෙන් ඊයේ (13) වැල්ලවායේදී පැවැති උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල මහතා සඳහන් කළේය.

දවසේ ප්‍රවෘත්ති බලන විට මේ ආණ්ඩුව හෙට වැටේවි යැයි සිතෙන බව හිතවත් පිරිස් තමාට පවසන බවත් එසේ ආණ්ඩුව හෙට වැටෙයි කියා බලා සිටියාට එය සිදු නොවන දෙයක් බවද ජනාධිපතිවරයා පැවසීය.

නිල කාලය යන අතරම ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් ලෙස ජනතාවගේ අපේක්ෂා ඉටු කර ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න විසඳමින් මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ නිසා වත්මන් ආණ්ඩුව කඩා වැටීමට කිසිදු ඉඩක් නොතබන බවත් ලැබූ ජනවරමට ගරු කරමින් ඉදිරි කාලය තුළ රජයේ වගකීම් ඉටු කිරීමට කැපවෙන බව ජනාධිපතිවරයා පැවසීය.

(ADS)