FAST NEWS

24×7 Around the Globe

සුදු සීනි සහ කුකුළු මස් පාලන මීල ඉවත් කෙරේ..

සුදු සීනි සහ කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.

එ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

සුදු සීනි හා කුකුළු මස් සඳහා ඇති පාරිභෝගික අවශ්‍යතාව, ආනයනික මිල සහ වෙළෙඳ පොළ මිල සළකා බැලීමෙන් පසු ජීවන වියදම් කමිටුව මෙම තීරණය ගත් බව හෙතෙම  වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් සුදු සීනි සඳහා පනවා තිබූ රුපියල් 93.00 ක පාලන මිල ඉවත්කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.

සම සහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 410.00ක් වූ අතර සම රහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 490.00ක්. වන අතර එ අනුව එම පාලන මිල ගණන් ද ඉවත් වේ.

(ADS)