FAST NEWS

24×7 Around the Globe

“ගස් කැපුවේ ආණ්ඩුව” ඇමති රිෂාඩ් බීබීසීයට කියයි (වීඩියෝ)

විල්පත්තුව අවට ජනතාව නැවත පදිංචි කරවීම සඳහා ගස් කැපීම සිදුකරන ලද්දේ ආණ්ඩුව විසින් බව රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයා ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමඟ සජීවී සංවාදයකට එක්වෙමින් සඳහන් කර තිබේ..

“ඒක මිනිස්සු නෙවෙයි සුද්ද කළේ. ආණ්ඩුව තමයි සුද්ද කළේ. ආණ්ඩුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව සුද්ද කරලා, එහෙම නැත්තං ටිම්බර් කෝපරේෂන්, එහෙම නැත්තං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගොල්ලෝ තමයි සුද්ද කරලා ඒ ජනතාව පදිංචියට ඇරියේ.”

ඔහු තවදුරටත් කියා සිටියේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේදයක් ඇතිකිරීම සඳහා දකුණේ සුළු පිරිසක් එකතුවී තමන්ට චෝදනා එල්ල කරමින් සිටින බවද හෙතෙම මෙහිදි අවධාරණය කර සිටියේය.

එම වීඩියෝව පහතින්