FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව විරෝධය පා අන්තරේ අදත් වීදි බසියි..

සයිටම් ආයතනය වසා දමන්නැයි ඉල්ලා අද (13දා) කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කොටුව දක්වා විරෝධතා පාගමනක් පත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.

එසේම සයිටම් ආයතනය සම්බන්ධයෙන් අද (13) පස්වරුවේ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කොළඹ ජනපති නිල නිවසේ දී වෛද්‍ය පීඨාධිපතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් කිසිවෙකුටත් ආරාධනා කර නොමැති බවත්, මෙහිදී එයටත් විරෝධය දක්වන බවද හෙතෙම පවසා සිටියේය.

(ADS)