FAST NEWS

24×7 Around the Globe

රජයේ රෝහල්වල හෙද වර්ජනයක්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන් දිවයින පුරා රජයේ රෝහල්වල අද(13) සහ හෙට (14) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුන බව එම සංගමය පවසයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින්  එම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු කළ බවද එම සංගමය කියයි.

කෙසේ වෙතත් මෙම වර්ජනයට තම සංගමය සහයෝගය නොදක්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

(ADS)