FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ පැසසුම්..

තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පලකරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ 09දා ලන්ඩන් නගරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ඉලක්කකරගනිමින් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රටවල වෙළෙඳ අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්ව සිටියි.