FAST NEWS

24×7 Around the Globe

තවත් පාර්ලිමේන්තුව තහනම් කළ යුුතු අය ඉන්නවා..

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කළ අයුරින්ම පාර්ලිමේන්තුව තහනම් කළ යුතු මන්ත්‍රීවරුන් තවත් සිටින බව විදේශ රැකියා අමාත්‍ය තළතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය.

ත්‍රිකුණාමලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

” තවත් අය ඉන්නවා පාර්ලිමේන්තුව තහනම් කළ යුතු. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා හොඳ දේශපාලන පවුලකින් පැවැත එන පරිණත දේශපාඥයෙක්. එතුමා හොඳ පාසලකට ගියේ. රාජකිය විද්‍යාලයට. අපි එතුමාගෙන් බලාපොරොත්තුවන්නේ පාර්ලිමේන්තුව තුළත් රාජකීයයෙක් වගේ හැසිරෙන්න මිසකු පාර්ලිමේන්තුව නැහැදිච්ච තැනක් බවට පත්කරන්න නෙමෙයි’