ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී ඩොල්ෆින් මසුන් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසි කරන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.
ඩොල්ෆින් මසුන් මැරීම අන්තර් ජාතික සාගරික නීතිය අනුව තහනම් කර ඇති අතර ත්‍රිකුණාමලය ඇතුළු වරාය මුහුදේ ඩොල්ෆින් මසුන් මැරීමේ චෝදනා මත ධීවරයින් 09 දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
(ADS)








