FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී. ප්ලස් බදු සහනය මැයි මස සිට..

වසර 7කට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමීව පැවැති ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙම වර්ෂයේ මැයි මාසයේ සිට යළි ලබා දෙන බව යුරෝපා සංගමය නිල වශයෙන් දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

බෙල්ජියමේ බ්‍රසල්ස්  හි සංචාරයක නිරත ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග පැවැත්වූ සාකච්ඡා අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට දෙන බව යුරෝපා සංගමය නිල වශයෙන් දැනුම් දී ඇති බවද සඳහන්.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමි වීමෙන් පසු මිලියන 30ක පමණ වෙළෙඳ‍පොළක් ශ්‍රී ලංකාව වෙත හිමිවීමට නියමිත බවද රජය අපේක්ෂා බවද පැවසේ.

ADS